Pages

Pages

Friday, February 12, 2016

       ගීතය

        ගීතය යනු සාහිත්‍යයෙන් හා සංගීතයෙන් නිර්මාණය වූ කලා අංගයකි. එය ඔිනෑම සමාජයක, සමාජ පද්ධතියක දැකිය හැකිය කලා අංගයකි. උගත් හෝ උසස් යැයි සම්මත පුද්ගලයන් හෝ නූගත් යැයි සම්මත, කවරාකාර බුද්ධි මට්ටමකින් යුක්ත පුද්ගලයන්ට හෝ පොදුවේ අසා රසාස්වාදනය කළ හැකි කලා මාධ්‍යයක් ලෙස ගීතය හැදින්විය හැකිය. 
    
            එහිදී වචනවලට මූල්කත්වයක් ලබා දී තිබේ. යම් ගීතයක අර්ථය රසවින්දනය කිරීමට නම් එම ගීතය නිර්මාණය වූ සන්දර්භය, සංස්කෘතිය තේරුම් ගත යුතු ය. එසේ නොමැති වුව ද අපට අපේ සංස්කෘතියෙන් පරිභාහිර ගීතයක් තේරුම් ගැනීමට නම් නිසැක වශයෙන්ම අවැසි වන්නේ රසවින්දන ශක්තිය පමණි. එ් සදහා බුද්ධි මට්ටම  හෝ සමාජ තත්වය බලනොපායි. උදාහරණයක් ලෙස හින්දි ගීතවලට අප අතිශය අැලුම් කරනුයේ එ්වායෙහි අැති ශබ්ද රසය හා සංගීත මාධූර්යය අාදීය පදනම් කරගෙනය. වචනාර්ථය පිළිබදව අවබෝධයක් නොමැති වුව ද හින්දි ගීතවල අැති කර්ණරසායන ගුණය නිසා අප නිරායාසෙයන් එ් වෙත අාකර්ෂණය වේ.
  
      එ් අනුව ගීතයක් රසවින්දනය කිරීමට ඔිනෑම පුද්ගලයෙකුට හැකියාවක් තිබෙන අතර ගීතයක් යනු යම් සංස්කෘතියකට පමණක් කේන්දුගත වූ කලාංගයක් නොවන බව පැහැදිලි කරගත හැකිය. 


    යම් ගීතයක අදහස් උද්දීපණය කිරීම සදහා එහි සංගීතයට විශාල බලපෑමක් සිදුකළ හැකි වේ. උදාහරණයක් ලෙස වැල් පාලම වේදිකා රංගයේ එන වැල්පාලමේ ගීය දැක්විය හැකි ය. 

   

Thursday, February 4, 2016

         REGGAE ශෙෙලිය


    Reggae යනු වචනවලට මූලිකත්වයක් ලබා දෙන සංගීත ශානරයකි. මෙම සංගීත ශානරය භාවිතා කරන ලද්දේ සමාජ විවේචනයන් ඉදිරිපත් කිරීමේ සන්නිවේදන මාධ්‍යයක් ලෙසය. ලංකාවේ සෘජුවම සමාජ විවේචනයන් ඉදිරිපත් කළ නොහැකි බැවින් මුල් ආකෘතියේ පැවති සංගීතමය ලක්ෂණ පමණක් ආභාසයට ගනිමින් ලංකාවට ආවේණික වූ Reggae ශෙෙලියක් පවත්වාගෙන යාම සදහා දායක වූ කලාකරුවන් කිහිපදෙනෙකු වේ. එපමණක් නොව මුල් කාලීනව එහි භාවිතා කරන ලද රිද්මය ද ආභාසයට ගන්නා ලදී. 

  මෙම ශෙෙලිය පවත්වාගෙන ගිය ශිල්පියෙකු ලෙස ජැමෙයිකාවේ බොබ් මාලේ වැදගත් වේ. ඔහුට අවශ්‍ය වූයේ සිය මතවාදයන් සමාජය තුළ ස්ථාපනය කිරීමේ මෙවලමක් ලෙස මෙම ශෙෙලිය භාවිතා කිරීමට ය.


     

Sunday, January 24, 2016

ව්‍යවහාරික සංගීතය
   හා
country western ශෙෙලිය

ව්‍යවහාරික සංගීතය

    ව්‍යවහාරික සංගීතය ලෙස හැදින්වෙන්නේ භාවිතයේ පවතින සංගීතයයි. ව්‍යවහාරික සංගීතයේ අාරම්භය ලෙස හදුනාගත හැකි වන්නේ ගල් යුගයේ මුල්ම මානවයන්ගේ චලනවල පැවති රිද්ම රටාවන්ය. එ් අනුව ලෝකයේ ව්‍යවහාරික සංගීතයේ මූලාරම්භය ලෙස සදහන් කළ හැකි වන්නේ ගල් යුගයයි. මිනිසා කෙමෙන් ශිෂ්ටාචාර පිහිටුවා ගැනීමත් සමග සංගීතය ශුද්ධ සංගීතය හා ව්‍යවහාරික සංගීතය ලෙස වර්ගවලට විභේදනය විය. 

Country and western ශෙෙලිය
 
      මෙය අමෙරිකාවේ දකුණුදිග බිහිවූ සංගීත ශානරයකි. ස්වර සංගාත කිහිපයකට වාදනය වීම මෙහි මූලික ලක්ෂණයකි. මෙහිදී Dobro Guitar සහ Steel Guitar යොදාගනු ලැබේ. මෙය පසුකාලීනව බටහිර ගීත නිර්මාණය කිරීමෙහිලා යොදාගන්නා ලදී. 

       Jim Reeves ගයන I' m Beginning to, 
                                      Easy to Forget, 
                                      Am I Loosing You  වැනි ගීත ලංකාවේ කණ්ඩායම් සංගීතය සදහා ද බලපා තිබේ.විශේෂයෙන්ම සුනිල් ශාන්තයන්ගේ ගීත මෙම ශෙෙලියට අනුව නිර්මාණය කර තිබේ. 
 සුනිල් ශාන්තයන්ගේ බොහෝ ගීතවල ස්ටීල් ගිටාරය යොදාගෙන තිබෙන අතර Chords තුනකට හෝ හතරකට සීමා වූ ගීත අාකෘතියක් දක්නට ලැබීම මේ සදහා කදිම නිදසුනකි. 


jim reeves

  •  සුනිල් සාන්තයන්ගේ ඔිළු පිපිලා විල ලෙළදෙනවා; පිරුණු එ් සොමි සදේ යන ගීතවල මේ අාභාසය දක්නට ලැබේ.
  • මිල්ටන් මල්ලවඅාරච්චි ගයන මා නිසා ඔබ යන ගීතය; අානන්ද පෙරේරා මහතා ගයන ඔයිරයිරේ ඔයිරාමා යන ගීතය ද මේ ශෙෙලිය අාභාසයට ගත් ගීත වේ.
ඔිළු පිපීලා යන ගීතය අැසීමෙන් ඔබට මේ ශානරය පිළිබද පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවේ. http://www.topsinhalamp3.com/songs/sunil-shantha-mp3-songs/olu-pipila-vila-lela-denawa-mp3-song.php


 



       
සංගීතය ගැන සරලව ඔබට යමක්....



         

    සංගීතයේ ස්වභාවය අනුව කොටස් කිහිපයකට වර්ගීකරණය කළ හැකි වේ.
                       1. සංස්කෘතිකමය ගුණාංග
                       2. කලාත්මක ගුණාංග
                       3. කෘත්‍යමය ගුණාංග
       ‍
 
සංස්කෘතිකමය ගුණාංග අනුව සංගීතය

සමාජය විසින් සම්මත කරගත් සංගීත ශානරයකි. පොදු අදහස්වලින් නිර්මාණය වී තිබේ. වෙන් වෙන් වූ මෝස්තර නිර්මාණකරුවන්; රසිකයන් එ් වටා එ්කරාශී වී තිබේ. එම සංගීතයට එයටම අාවේණික වූ ලක්ෂණ පවති. එනම් හැසිරීම් රටා; ගායන විලාශ; සංගීත භාණ්ඩ අාදිය පවතී. එය අනෙක් සංගීත ශානරයන්ගෙන් වෙන්ව හදුනාගැනීම සදහා ද බෙහෙවින් ඉවහල් වී තිබේ. එහි සංස්කෘතියට අවශ්‍ය පරිදි සංගීතය නිර්මාණය වේ. උදාහරණයක් ලෙස සිංහල සංගීතය දැක්විය හැකිය. සිංහල ජන කොට්ඨාශයේ අභිරුචිය හා අභිමතය අනුව සංස්කෘතිය විසින් ම නිර්මාණය කරගෙන තිබෙන සංගීතය සිංහල සංගීතය වේ. එහි සිංහල ජනතාවගේ සිතුම් පැතුම්; ජීවන ශෙෙලිය; සාරධර්ම. භාෂාව; අාගම අාදී විවිධ අනන්‍ය වූ ලක්ෂණ විද්‍යමාන වේ. ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය; අම්මා; ඉර සද තරු අාදී වූ වස්තු පිළිබදව විවිධාකාර ලෙස පබැදුණු ගීත සිංහල සංගීතය තුළ සුලභ වේ. පවතින සංස්කෘතියට පටහැනි නිර්මාණ බිහිවන අවස්ථාවලදී එ්වා වාරණයට ද ලක්වේත එයට හේතුව නම් සිංහල සංගීතය පොදු අදහස් මත නිර්මාණය වන බැවිනි. 


කලාත්මක ගුණාංග අනුව සංගීතය

            මෙහිදී භාෂාව මූලික පදනම කොට ගනී. නිර්මාණකරණය හා කලාකරුවාගේ තාක්ෂණික දැනුම හා තාක්ෂණික උපකරණ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. එහිදී ඝෝෂාකාරිත්වය ද ලක්ෂණයක් කොට ගනී. මෙය සංස්කෘතිය මත පදනම්ව බිහි නොවන හෙයින් මෙහි විශේෂිත අරමුණු පදනම් කරගෙන තිබෙන බව කිව හැකිය. සමාජය පිළිබද අදහස් සන්නිවේදනය කිරීමට; කලාකරුවාගේ විශේෂිත අදහස් සමාජගත කිරීමට මෙම සංගීතය උපයෝගී කරගනී. එ් සදහා කලාකරුවාගේ කුසලතා; හැකියාවන්; වාදන දක්ෂතාවයන් ගායන විලාසයන් කලාකරුවාගේ සමාජ සන්දර්භය හා සමාජ පසුබිම අවබෝධ කරගැනීමෙන් එම සංගීතය වටා බොහෝ පිරිසක් එ්කරාශී වී තිබේ. උදාහරණයක් ලෙස රොක් සංගීතය දැක්විය හැකිය.

කෘත්‍යමය ගුණාංග අනුව සංගීතය

          ස්ථානය; අවස්ථාව අනුව නිර්මාණය කරගන්නා සංගීතය මෙයට අයත් වේ. උදාහරණයක් වශයෙන් කතෝලික පල්ලියේ ගයන පසන් ගීත දැක්විය හැකිය. එ් සදහා යොදාගනු ලබන සංගීත භාණ්ඩ ද එ් අවස්ථාවට උචිත වන අයුරින් සපයා ගනු ලැබේ. මංගලෝත්සව වලදී ඊට අාවේණික වූ ජයමංගල ගාථා ගයනු ලැබේ. උපන්දින සාදයකදී ඊට සුදුසු ගීත ගායනා කරනු ලැබේ. දේශපාලන රැස්වීමවලදී ජනතාව අාකර්ෂණය කරගැනීම සදහා සුදුසු ගීත යොදාගනු ලැබේ. පාසල් උත්සවවලදී ඊට සුදුසු සංගීත රටාවන් යොදාගනු ලැබේ. වෙසක් උත්සවවලදී එ් සදහා ඊට අාවේණික සංගීත රටාවක් උපයෝගි කරගන්නා බව පෙනේ. එ් අනුව විවිධ අවස්ථාවන් අනුව විවිධ සංගීත ශානර බිහි වී තිබෙන බව හදුනාගත හැකි වේ.

Friday, January 22, 2016

කැලිප්සෝ කණ්ඩායම්



    කැලිප්සෝ යනු කණ්ඩායම් ගීත විශේෂයකි. මේවා සජීවීව ඉදිරිපත් කිරීම එහි සුවිශේෂී ලක්ෂණයයි. ඉතා සීමිත සංගීත භාණ්ඩ කිහිපයක් භාවිතා කරයි. කොංගා; ටැම්බරින්; බොක්ස් ගිටාර්; එකෝඩියන්; මර්කාස් අාදිය සුලබව භාවිතා කරනු ලැබේ. වාදකයින් සියලු දෙනාම සංගීත භාණ්ඩ වාදනය කරමින් ගායනයේ යෙදීම කැලිප්සෝ සංගීතයේ දක්නට ලැබෙන අනෙකුත් ලක්ෂණයයි. කැලිප්සෝ සංගීතයේදී ගායනය කරනු ලබන්නේ සමූහ ගීත හෙවත් කණ්ඩායම් ගීතයි. 

    
      කැලිප්සෝ කණ්ඩායම් ලෙස

  • ධර්මරත්න සහෝදරයෝ
  • Three Sisters
  • Los Cabralos
            එකම තැන නොරැදී රසිකයන් අතර රැදෙමින් උපරිම නිර්මාණශීලිත්වෙයන් කැලිප්සෝ සංගීතයන් ඉදිරිපත් කරනු ලැබේ. එය අතිශය සිත්ගන්නා සුළුය. රසිකයන්ගේ සිත් දිනාගනිමින් ගායනයන් වාදනයන් ඉදිරිපත් කිරීම සැබවින්ම ව්‍යවහාරික සංගීත රටාවෙහි ලක්ෂණ ද අාභාසයට ගන්නා බව පෙනේ. 

   අැතැම් අවස්ථාවලදී රසික ජනතාව ද කැලිප්සෝ කණ්ඩායම සමග එක්වෙමින් ගීත ගායනයට හවුල් කරගනී. කැලිප්සෝ සංගීතය ජනතාව වඩාත් සමීප වීම සදහා එයම හේතුවක් වූ බව කිව හැකිය. එමෙන්ම ගායනය සදහා විවිධ භාෂාවලින් රචිත ගීත ද ගායනය කරයි. එහිදී පුළුල් පරාසයක රසික ජනතාවක් කැලිප්සෝ සංගීතය වටා එ්කරාශී කරගැනීමට හැකියාව ලැබුණි. 

    සරල තනුවලින් යුක්ත ගීත ඉතා මනරම් ලෙස ගායනය කරන ලදී. ගායනයේදී විවිධ ශිල්පීය දක්ෂතාවයන් ; හාර්මනී වැනි ගීතාලංකාර භාවිතා කරන ලදී. 

කැලිප්සෝ කණ්ඩායම් ගයන ගීත 

  • මංගෝ කළු නැන්දේ
  • කාගෙද ගොන් වස්සා
  • සිරි ලංකාවේ එළිය මිණිපුරයි
  • මුළු ගතම වෙහෙසුණා
  • මාමේ අපෙ කළු මාමේ
  • සැළලිහිණි කොවුල්
  • පියුමෙහි පැණි බොති වන බඹරු
  • ගයන නැටුම්
  • කළු කැළණි නදී
  • මා සොදුරු සුරතලියේ
  • රුවන් තොරන් තනා
  • මල් බර හිමිදිරියේ
  • මැණිකේ ඔබේ සිනාවේ
  • නැළවෙන මව් උකුලේ
  • මලට බඹරෙකු සේ 
  • වන දෙව්ලිය තුරුලේ
  • තරුණ ජීවිතේ අපේ
  • මම එදා ගොසින්
                                                                                                                2016.01.23

වීණාවේ ස්වර ස්ථාපනයේ ඉතිහාසය පිළිබද දැනගැනීමට රිසි ඔබට....‍


     වීණාව යනු තත්වාද්‍ය නැතහොත් තත් කම්පනය වීම මගින් හඩ උත්පාදනය වන සංගීත භාණ්ඩයකි. සරස්වතී දේවියගේ සුරතෙහි ද වීණාවක් පවතින බව නොරහසකි. තුසිත පුරයෙහි පංචසික නමැති වීණා වාදකයෙකුෙගේ වීණා වාදනයන් බුදුරජාණන්වහන්සේ පවා අගය කළ බව බොදු පොත්පත්වල සදහන් වී තිබේ. වීණාව දක්ෂිණ භාරතීය සංගීත පද්ධතියට අයත් ස්වර වාද්‍ය භාණ්ඩයක් වන අතර බාහිර ස්වරූපයෙන් සිතාරයට සමාන යැයි පෙනුණ ද සිතාරයේ මෙන් නොව වීණාවෙහි තුම්බා කොටස් දෙකක් අැත. 

     තත් හතකින් සමන්විත මෙහි මූලික තත මත ස්වර පිහිටුවා ගැනීමේදී අවධානය යොමු කර අැත්තේ ස්ථිතික හෙවත් වෙනස් නොවන මේරු ( Bridge ) දෙකකින් යුක්ත වීමේ ලක්ෂණයයි. එනම් වයලීනයෙහි තත් ස්ථාවර ලෙස රදන්නාවූ මේරුවකින් ද තතේ අනෙක් පාර්ශවය වෙනස් කළ හැකි වන පරිදි ද නිර්මාණය කර තිබෙන බැවින් වයලීනයෙහි තතෙහි දිග මෙන්ම ස්වර පිහිටීම ද ගතික ස්වභාවයක් ගන්නා බව පැහැදිලි වේ. ඒ අනුව වීණාවෙහි පූර්ව මේරුව හා අපර මේරුව යන ස්ථීර මේරු යුගලයන් තතෙහි වෙනස් වීමේ අවකාශය අවම කර තිබේ. වීණාවේ මෙම සුවිශේෂී ලක්ෂණය සමග විවිධ පඩිවරුන් විසින් වීණාවේ ස්වර පිහිටීම සම්බන්ධව විවිධ මත ඉදිරිපත් කර තිබේ. එයින් සුවිශේෂ වන්නේ මංජරිකාර්ගේ ස්වර ස්ථාපන රීතියයි. 

      භාරතීය සංගීතඥයෙකු වූ මංජරිකාර්ගේ ස්වර ස්ථාපන රීතිය කිහිප අාකාරයකින් වැදගත් වේ. වීණාවේ තත මත ස්වර ස්ථාපනය හෙවත් වීණාවේ ස්වර පිහිටුවීම සිදුකිරීම සදහා ඒතුමා විසින් ඉදිරිපත් කර තිබෙන රීතිය නිවාස් නමැති පඩිවරයාගේ ස්වර ස්ථාපන රීතියේ මූලිකාංග සමග යම්තාක් දුරට සමාන යැයි පැවසිය හැකි වුව ද එය අර්ධ සත්‍යයක් බවට පත්වන්නේ මෙකී ස්වර ස්ථාපන රීතිය පිළිබද මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවන හෙයිනි. එහිදී වීණාවේ තතේ දිග අනුව ස්වර ස්ථාපනය වන අාකාරය ගණිතමය සංකල්පයක් පදනම් කරගනිමින් ඉදිරිපත් කර තිබේ. 

      වීණාවේ මූලික තතේ දිග අගල් 36 ලෙස ගෙන එම දුර මධ්‍ය ස ස්වරයට සමාන කොට දක්වා තිබේ. එ් අනුව පූර්ව මේරුවේ සිට අගල් 36ක දුරින් මධ්‍ය ස ස්වරය පිහිටුවා තිබේ. එ් අනුව උච්ච ස ස්වරය යනු එම දිගින් හරි අඩකට සමාන වන බව පෙන්වා දී තිබේ. එ් අනුව පූර්ව මේරුවේ සිට අගල් 18 ක පමණ දුරකින් උච්ච ස ස්වරය පිහිටයි. එ් අාකාරයටම අති උච්ච ස ස්වරය පිහිටන්නේ පූර්ව මේරුවේ සිට අගල් නවයකිනි. එ් අනුව පැහැදිලි කරගත හැකි වන්නේ පූර්ව මේරුවේ සිට ඉදිරියට දුර වැඩිවන විට ස්වරවල සංඛ්‍යාතය මෙන්ම ස්වරයේ වටිනාකම අඩුවන බවයි. එමෙන්ම පූර්ව මේරුවට අැති දුර අඩුවන විට ස්වරයේ සංඛ්‍යාතය වැඩිවන බවත්ය. kudirai යනු පූර්ව මේරුව වන අතර upper Bridge / Meru යනු අපර මේරුවයි.




Thursday, January 21, 2016

     භජන් ගායන ශෙෙලිය පිළිබද ඔබ දන්නවාද?  

    භජන් යනු භක්තිය යන අරුතින් නිර්මාණය වු ගීත විශේෂයකි. ඒ් අනුව භක්ති ගීත හෙවත් බැති ගීත විශේෂයක් ලෙස භජන් ගීත පෙන්වා දිය හැකිය. භජන් යන වචනය හින්දි භාෂාවෙන් පැමිණි වචනයකි. අාගමික පසුබිම මත වර්ධනය වූ ගීත විශේෂයකි. මෙයට ඉතා දීර්ඝ ඉතිහාසයක තිබේ. ඒ බව පැහැදිලි කරගත හැකි වන්නේ වේද ගායනාවල අාභාසය භජන් ගීතවලට ලැබී තිබෙන හෙයිනි.

    අාගමික නායකයින්ගේ හෝ ශාස්තෘෘවරුන්ගේ ශක්තිය; වීරත්වය; බලය හුවා දැක්වීම හා ඔවුන් පිනවීම මේ ගායනාවල මූලික අභිලාෂය වේ. ඒ හෙයින් නාද මාලාවට මෙන්ම වචනවල අර්ථය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු වේ. 

    රාධා ක්රිෂ්ණා‍; ශිව පාර්වතී; ගණේෂ වැනි දෙවිවරු උදෙසා ඒ ඒ දෙවියන්ට කෙරෙන සුවිශේෂී නාමයන්වලින් පබැදූ ගීත රාශියක් තිබේ. පසුකාලීන බුදුගුණ වර්ණනා හා බොදු බැති ගී කෙරෙහි බලපා අැත්තේ මෙම භජන් ගායන ශෙෙලියයි.


   භජන් ගීත රිද්ම රටාවන්ගෙන් සුපෝෂිත නිසා සමූූහ ලෙස ගායනය කිරීමේ හැකියාවක් අැත. හින්දි සිනමාව භජන් ගායන ශෙෙලිය බෙහෙවින්ම උපයෝගි කරගනී. සිනමා පටයක් අාරම්භ කිරීමට පෙර තමන් අදහන අාගමික ශාස්තෘෘවරයා සිහිකිරීම ඒ ලක්ෂණයයි. 

   භජන් ගායනා සදහා යොදාගනු ලබන වාද්‍ය භාණ්ඩ වන්නේ සර්පිනාව; තබ්ලාව ; සිතාර් ඩාෙල්කි අාදියයි. එ්වා අතිශය මියුරු ගීත විශේෂයක් හෙයින් භජන් බොහෝ පෙරදිග රටවල ව්‍යාප්ත වී පවතී.

      ලංකාවේද භජන් ගායන ශෙෙලියට අයත් වන ගීත රැසක් තිබේ. ලංකාවේ බුදු ගුණ ගීත ද භජන් ගායනාවල අාභාෂයෙන් බිහි වී තිබේ. ලංකාවේ සුපතල භජන් ගීයක් ලෙස පහත භජන් ගීතයට අාභාසය වී අැති හින්දි භජන් ගීතයකි.

රඝුපති රාඝව රාජාරාම් 
පතීත පාවන සීතාරාම්
සීතාරාම් ජය සීතාරාම් 
පතීත පාවන සීතාරාම්

ඊශ්වර අල්ලා තේරෝනාම්
සබකෝ සම්මති තේ භගවා