ව්‍යවහාරික සංගීතය
හා
country western ශෙෙලිය
ව්‍යවහාරික සංගීතය
ව්‍යවහාරික සංගීතය ලෙස හැදින්වෙන්නේ භාවිතයේ පවතින සංගීතයයි. ව්‍යවහාරික සංගීතයේ අාරම්භය ලෙස හදුනාගත හැකි වන්නේ ගල් යුගයේ මුල්ම මානවයන්ගේ චලනවල පැවති රිද්ම රටාවන්ය. එ් අනුව ලෝකයේ ව්‍යවහාරික සංගීතයේ මූලාරම්භය ලෙස සදහන් කළ හැකි වන්නේ ගල් යුගයයි. මිනිසා කෙමෙන් ශිෂ්ටාචාර පිහිටුවා ගැනීමත් සමග සංගීතය ශුද්ධ සංගීතය හා ව්‍යවහාරික සංගීතය ලෙස වර්ගවලට විභේදනය විය.
Country and western ශෙෙලිය
මෙය අමෙරිකාවේ දකුණුදිග බිහිවූ සංගීත ශානරයකි. ස්වර සංගාත කිහිපයකට වාදනය වීම මෙහි මූලික ලක්ෂණයකි. මෙහිදී Dobro Guitar සහ Steel Guitar යොදාගනු ලැබේ. මෙය පසුකාලීනව බටහිර ගීත නිර්මාණය කිරීමෙහිලා යොදාගන්නා ලදී.
Jim Reeves ගයන I' m Beginning to,
Easy to Forget,
Am I Loosing You වැනි ගීත ලංකාවේ කණ්ඩායම් සංගීතය සදහා ද බලපා තිබේ.විශේෂයෙන්ම සුනිල් ශාන්තයන්ගේ ගීත මෙම ශෙෙලියට අනුව නිර්මාණය කර තිබේ.
සුනිල් ශාන්තයන්ගේ බොහෝ ගීතවල ස්ටීල් ගිටාරය යොදාගෙන තිබෙන අතර Chords තුනකට හෝ හතරකට සීමා වූ ගීත අාකෘතියක් දක්නට ලැබීම මේ සදහා කදිම නිදසුනකි.
![]() |
| jim reeves |
- සුනිල් සාන්තයන්ගේ ඔිළු පිපිලා විල ලෙළදෙනවා; පිරුණු එ් සොමි සදේ යන ගීතවල මේ අාභාසය දක්නට ලැබේ.
- මිල්ටන් මල්ලවඅාරච්චි ගයන මා නිසා ඔබ යන ගීතය; අානන්ද පෙරේරා මහතා ගයන ඔයිරයිරේ ඔයිරාමා යන ගීතය ද මේ ශෙෙලිය අාභාසයට ගත් ගීත වේ.
ඔිළු පිපීලා යන ගීතය අැසීමෙන් ඔබට මේ ශානරය පිළිබද පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවේ. http://www.topsinhalamp3.com/songs/sunil-shantha-mp3-songs/olu-pipila-vila-lela-denawa-mp3-song.php











