ගීතය
ගීතය යනු සාහිත්‍යයෙන් හා සංගීතයෙන් නිර්මාණය වූ කලා අංගයකි. එය ඔිනෑම සමාජයක, සමාජ පද්ධතියක දැකිය හැකිය කලා අංගයකි. උගත් හෝ උසස් යැයි සම්මත පුද්ගලයන් හෝ නූගත් යැයි සම්මත, කවරාකාර බුද්ධි මට්ටමකින් යුක්ත පුද්ගලයන්ට හෝ පොදුවේ අසා රසාස්වාදනය කළ හැකි කලා මාධ්‍යයක් ලෙස ගීතය හැදින්විය හැකිය.
එහිදී වචනවලට මූල්කත්වයක් ලබා දී තිබේ. යම් ගීතයක අර්ථය රසවින්දනය කිරීමට නම් එම ගීතය නිර්මාණය වූ සන්දර්භය, සංස්කෘතිය තේරුම් ගත යුතු ය. එසේ නොමැති වුව ද අපට අපේ සංස්කෘතියෙන් පරිභාහිර ගීතයක් තේරුම් ගැනීමට නම් නිසැක වශයෙන්ම අවැසි වන්නේ රසවින්දන ශක්තිය පමණි. එ් සදහා බුද්ධි මට්ටම හෝ සමාජ තත්වය බලනොපායි. උදාහරණයක් ලෙස හින්දි ගීතවලට අප අතිශය අැලුම් කරනුයේ එ්වායෙහි අැති ශබ්ද රසය හා සංගීත මාධූර්යය අාදීය පදනම් කරගෙනය. වචනාර්ථය පිළිබදව අවබෝධයක් නොමැති වුව ද හින්දි ගීතවල අැති කර්ණරසායන ගුණය නිසා අප නිරායාසෙයන් එ් වෙත අාකර්ෂණය වේ.
එ් අනුව ගීතයක් රසවින්දනය කිරීමට ඔිනෑම පුද්ගලයෙකුට හැකියාවක් තිබෙන අතර ගීතයක් යනු යම් සංස්කෘතියකට පමණක් කේන්දුගත වූ කලාංගයක් නොවන බව පැහැදිලි කරගත හැකිය.
යම් ගීතයක අදහස් උද්දීපණය කිරීම සදහා එහි සංගීතයට විශාල බලපෑමක් සිදුකළ හැකි වේ. උදාහරණයක් ලෙස වැල් පාලම වේදිකා රංගයේ එන වැල්පාලමේ ගීය දැක්විය හැකි ය.














